නව විගණකාධිපති ගැන තීරණය අද

Sri Lanka Parliament Harsha de Silva Jagath Wickramaratne Sinhala news
By Hashini May 20, 2025 08:07 AM GMT
Hashini

Hashini

Report

 කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින පාර්ලිමේන්තුවේ දී පැවසුවේ අද (20) පස්වරු 2.00ට ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන බවත්, එහිදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව අනාවරණය කළේය.

හිටපු කාන්තා කටයුතු ඇමතිනියට නඩු

හිටපු කාන්තා කටයුතු ඇමතිනියට නඩු

පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

විගණකාධිපතිවරයෙක් මේ රටේ සිටිය යුතුයි. දැන් දවස් 41ක් වෙනවා, විගණකාධිපතිවරයෙක් මේ රටට නැහැ. අවුරුදු 225ක් තිස්සේ විගණකාධිපතිවරරෙයක් පත් කිරීම සම්බන්ධයෙන් සම්ප්‍රදායක් තියෙනවා. රාජ්‍ය ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ ඉන්න පුද්ගලයාව පත් නොකර තිබීමට රජයේ යම්කිසි හේතුවෙක් තිබෙනවාද?“

එයට පිළිතුරු ලබා දුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,

අද හවස දෙකට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙනවා. එතනදී අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා, ජනාධිපතිතුමා නිර්දේශ එවලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වැඩකටයුතු කරනවා.“ 

රෙදි එනකම් බලන් ඉන්න වෙයිද ?

රෙදි එනකම් බලන් ඉන්න වෙයිද ?

ReeCha