වසර 27කට පසු ගත්ත තීරණය... නුවන් සුදේව එකට සමු දෙනවලු

Sri Lanka Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Akash May 29, 2025 12:01 PM GMT
Akash

Akash

Report

අවුරුදු 27 අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ ''පත්තර මල්ලි'' වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තාවේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය වූ අතර මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ. 1998 ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට 'නෙත් රේඩියෝව' ඔස්සෙ විකාශනය විය.

පත්තර මල්ලි වැඩසටහන ට තිතක් තැබීම නිවේදනය කරමින් Nuwan Jude Liyanage සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

ආයෙත් පෝලිම් එයිද ? පැය 24 පුරා සේවය හෙටින් අවසන්

ආයෙත් පෝලිම් එයිද ? පැය 24 පුරා සේවය හෙටින් අවසන්

දයාබර පත්තර මල්ලි වෙත, අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ. වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා ... එත් කෝහොම කොහෝම හරි ආවා. ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා.

සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා. ඒක මට නම් මාර ආතල්. මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඔනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තාමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.

ඊළඟට මේ රටේ පත්‍තර කතු වරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම ඒයාල මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන් . ආ ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා.

ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා. අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි.

ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයා ත් එනවා.

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මෙ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු.

වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණ යෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු.

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත් . ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන් එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු.

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී. ආයුබෝවන්.

ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. (නුවන් ජූඩ් ලියනගේ)

ReeCha