ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික IS ත්‍රස්ත සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්. - තොරතුරු රැසක් එළියට. - (VIDEO)

Report

පසුගියදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේ දී ISIS සංවිධානයේ සාමාජිකයින් ලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව කියා සිටියේ.

පසුගිය 20 වන දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේ දී මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අත්අඩංගුවට ගත් අතර මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් තොරතුරු රැසක් හෙළි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවෙන් ISIS ත්‍රස්තවාදී පිරිසක් ඉන්දියාවේදී අල්ලයි.

ශ්‍රී ලංකාවෙන් ISIS ත්‍රස්තවාදී පිරිසක් ඉන්දියාවේදී අල්ලයි.


අදාළ පුද්ගලයින් පාකිස්ථානයේ ISIS නායකයෙකු ලෙස කටයුතු කරන අබු නමැත්තා සමඟ සම්බන්ධ වී ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බවට ද අනාවරණය වී ඇති බවත්, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් පිරිසක් ඝාතනය කිරීමට මොවුන් සැලසුම් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇති බව හින්දු පුවත් සඳහන් කර තිබෙනවා.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික IS ත්‍රස්ත සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්. - තොරතුරු රැසක් එළියට. - (VIDEO) | Decision About Arrested Is Terrorist Members

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අතර විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නමැත්තාගේ පුත්‍රයෙකු වන බවට ද හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.



....................................................

May you Like