ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තු විවාදය අද.
අද (24) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනවා.
2022 ලෝක කුසලානයේදී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කල ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද විගණනයට අදාළ කෙටුම්පත් වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වුණා.
ඒ, අනුව එම චෝදනා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ද ප්‍රතිචාර දක්වා ඇති අතර සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යෝජනාවකට අනුව මෙලෙස කල් තැබීමේ විවාදය අද පැවැත්වෙනු ඇති.