මාවුස්සාකැලේ ජලාශයේ පා වී ගිය නාඳුනන පිරිමි මළ සිරුර

By Gagana News Feb 24, 2025 06:15 AM GMT
Report

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ගාඩ්මෝර් දියඇල්ල පාමුල මාවුස්සාකැලේ ජලාශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (24) පෙරවරුවේ සොයාගත් බව මස්කෙළිය පොලිසිය සඳහන් කරයි.

මාවුස්සාකැලේ ජලාශයේ මිරිදිය කර්මාන්තයේ යෙදෙන පිරිසක් විසින් මෙම මළ සිරුර මුලින්ම දැක පොලිසියට දන්වා ඇති බවත් මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක පමණ පුද්ගලයෙක් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.  

මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව මස්කෙළිය පොලිසිය ප්‍රකාශ කරයි. 

දේශබන්දුට තවත් නඩුවක්!!!

දේශබන්දුට තවත් නඩුවක්!!!

ඡන්දය තියන්නේ කවදාද? මැ.කො කියයි

ඡන්දය තියන්නේ කවදාද? මැ.කො කියයි