මෙහෙකාර සේවයට ගිය 17 හැවිරිදි තරුණියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

Police spokesman Sri Lanka Police Jaffna Attempted Murder Death
By Aruna Jul 28, 2023 01:04 AM GMT
Aruna

Aruna

Report

රුපියල් විසිපන්දහසක(25000) මාසික කුලියකට නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17 ක තරුණියකගේ මළසිරුර එම නිවසින් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පෙරේදා (26 දා) පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙසත්, අපරාධකරුවන් වහාම අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසත් උතුරු පළාත් 111 පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැණුම්දී ඇත.

යාපනයේ වඩුක්කෝඩෙයි මුදලියාර් කෝවිල් අඩි ප්‍රදේශයේ නිවසක සිටි දාහත් හැවිරිදි කේතීස්වරන් ධර්මිකා නමැති තරුණියක්, අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ආර්ථික ශක්තියක් නොමැති නිසා ඇයගේ මව විසින් යාපනයේ නිවසක මෙහෙකාරකමට ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

මාසික කුලිය වශයෙන් රුපියල් 25000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වූවත් ඇයට මාසයකට රුපියල් 5000 ක මුදලක් පමණක් නිවසේ අයිතිකරු විසින් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මවට දරුවා බැලීමට යෑම තහනම් කළ හාම්පුතා දුරකතනය ඔස්සේ මසකට විනාඩි තුනක කාලයක් පමණක් මවට කතා කිරීමට ලබා දී තිබේ.

මාස හතරකට පමණ පසුව එසේ දුරකතනයෙන් කතා කිරීමටද ඉඩක් ලබා නොදුන් හාම්පුතා නියමිත පරිදි වැටුප්ද ගෙවා නොමැති බවයි පැවසෙන්නේ.

අවසානයේදී ඇය මියගොස් ඇති බවට පණිවුඩයක් දැරියගේ මවට ලැබීමෙන් පසුව මරණය පිළිබඳව තමන්ට විශාල සැකයක් පවතින බව දැරියගේ මව යාපනය පොලිසියට ප්‍රකාශ කොට ඇත.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් මහතා එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරික්‍ෂකවරයා වෙත යවා තිබෙන අතර, යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ReeCha