නොයෙන ගමන් ගිය යාළුව වෙනුවෙන් මුහුණු පොතේ තැබූ සංවේදී සටහන..(PHOTOS)
සමාජයේ බොහොමයක් යාළුකම් කියන්නේ එහෙම ලේසියෙන් අමතක කරන්න පුළුවන් ඒවා නෙමෙයි...
සමහර වෙලාවට සහෝදරකම්වලටත් වඩා යාළුකම් සමහරුන්ගේ ජීවිතවල වටිනා තැනක ඉන්නවා.
එහෙම යාළුකම්වලින් ආදරෙන් පිරුණු හදවතක් හදිසියේ නතර වුණොත් දරගාන්න පුලුවන් වේවිද?
තමන්ගෙ ජීවිතයේ සතුටුම තැන්වලදී වගේම දුකම තැන්වලදිත් තමන්ව අත්නොහැරපු යාළුවෙක්ගේ නික්ම යෑමක් ගැන තරුනයෙක්ගේ සටහනක් සහ ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල දැකගන්න ලැබුණා.
මේ තරුණයා මිය ගිය හේතුව සඳහන් කර නොතිබුනක් කුමක් හෝ හදිසි අනතුරකින් මිය ගිය බව ඔහුගේ එම සටහනෙන් අවබෝධ වේ.
මේ තියෙන්නේ ඒ සටහන සහ ඡායාරූප...
"අනේ බොක්ක මේ මොකක්ද උබට උනේ... සිරාවටම ගොඩක් අමරුයි සහෝ දරාගන්න.. විස්වාස කලේ නෑ.. උබ අපිව දාලා ගියා කිව්වම වාවන්නේ නෑ බන්.. ඇයි බන්.. කොච්චර ආතල් එකේ හිටියද.. බන්..
උබ නම් අපිට මෙච්චර දුකක් දීලා යයි කියල... උබ මගෙ එකෙක් වගේ බං ලොකු.. කිය කිය මගේම සහෝදරයෙක් වගේ හිටියේ බං වාවන්න බෑ බන්... උබව බලන්න එන්න හිටියේ යකෝ අඩේ අතීතය මතක් වෙනකොට ඇඩෙනවා බං.. ආයේ අපි අතරෙම ඉපදියන් ජනියෝ.."
ඊට අදාල ඡායාරූපයන් පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




