ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළට..

By krishani Jul 24, 2023 12:28 PM GMT
Report

මධ්‍යම අප්‍රිකාවේ ගිනියා බොක්කෙහි පිහිටි කැමරූන් ප්‍රදේශයේ විශාලතම නගරය වන ඩුවාලා හි ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අනතුරින් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම තවත් නේවාසික ගොඩනැගිල්ලක් මතට සිව්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.