සුපිරි නිවාස සංකීර්ණයෙන් වැටි මිය පාසල් සිසුවා සහ සිසුවිය ගැන තවත් ආන්දෝලනාත්මක කරණු රැසක් හෙළිවෙයි - CCTV ඔස්සේ පරීක්ෂණ. - (VIDEO)

Sri Lanka Police Crime Accident Death
By Wayomi Jul 03, 2024 08:28 AM GMT
Wayomi

Wayomi

Report

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02) රාත්‍රියේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවත්, මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවත් පොලිසිය පවසනවා.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


පොලිස් පරීක්ෂණවලිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවති බවත්,.ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්ය.

ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා ඔවුන්ගේ බෑගයන් ද එම මධ්‍යස්ථානය තුළ තබා 67 වැනි මහලට ගොස් ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේය.

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?


අනතුරුව ඔවුන් එම මහළෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

ඔවුන්ගේ සිරුරු හමුවුණේ, මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදීය.

එම යන්ත්‍රවලට කැපී ඔවුන්ගේ සිරුරුවලට බරපතළ තුවාල සිදුව තිබූ අතර මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.  

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.