ශ්‍රී ලාංකිකයෙකුට උඩු ගුවනේදී සිදු වූ අවාසනාවන්ත ඉරණම..

Report

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි ගුවන් යානයක ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු හදිසියේම රෝගාතුර වී ගුවන් යානය තුළදීම මිය ගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ, මෙල්බර්න් නුවර සිට ඊයේ (27) රාත්‍රී 10.35ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 605 දරන ගුවන් යානය තුළ මෙම මරණය සිදු වී ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

මෙම ගුවන් යානය මෙල්බන් නුවරින් ගුවන් ගත වී මද වේලාවකට පසුව මෙම ගුවන් මගියාට හදිසි හෘදයාබාධයක් වැළදී තිබෙනවා.

අනතුරුව ගුවන් නියමුවන් පියවර ගෙන ඇත්තේ, ඔහු ගුවන් යානය තුළම මිය ගොස් ඇති බැවින් යානය යළි මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත හරවා නොගොස් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමටයි.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම මළ සිරුර ගුවන් තොටුපළ පොලිසිය වෙත භාර දී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now