ටී ෂර්ටයක් සහ කළු සායක් හැඳ ගත් කතකගේ මළ සිරුරක් අධිකරණයක් පිටුපසින් හමු වෙයි...

Report

මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පවසන්නේ, අවුරුදු 40 - 45ත් අතර වයසේ පසුවන අතර, සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් හැඳ සිටි උස අඩි 5ක් පමණ කාන්තාවක් බවයි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.