16 වෙනිදට පුටුවට එන්න ව්‍රායි යටින් ගහපු ගේම මාට්ටූ..කටින් පනී
පසුගිය මැතිවරණයෙන් පසු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටවීම සම්බන්ධයෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයන් රැසක් සමාජය තුළ හුවමාරු වුණා. ආණ්ඩුවට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වූ නිසා විපක්ෂය සෙසු කණ්ඩායම් සමග එකතු වී කොළඹ බලය තහවුරු කිරීමට විවිධ සැලසුම් ක්‍රියාත්මක කළා.
ආණ්ඩු පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය ලෙස වැඩ භාර ගැනීමට සූදානම්ව සිටියේ ව්‍රායි කෑලී බල්තසාර් ය. මේ වන විටත් ඔවුන් ඒ වෙනුවෙන් සියලු වැඩ කටයුතු සූදානම් කර ඇති බව ඇයගේම කටින් ඇය ප්‍රකාශ කර තිබේ.ඒ කියන්නේ ඔවුන් ස්වාධීන කණ්ඩායම් සමග එකතු වී සාකච්ඡා කර 59%ක ප්‍රතිශතයක් නිර්මාණය කරගෙන තිබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ඒවගේම වගේම සජබය බලය ලබා ගැනීමට පොරකන අවස්ථාවක ආණ්ඩු පක්ෂය හොරෙන්ම ගේම ගැහුවා කියලත් සමාජයේ කතා වෙනවා. කෙසේ නමුත් ව්‍රායී සඳහන් කරන්නේ 16 වෙනදට නිල වශයෙන් ඇය පත් වූවාට පසුව මොකද වෙන්නේ කියලා බලන්න පුලුවන් කියලයි. කෙසේ නමුත් අය මේ වන විටත් නගරයේ සංවර්ධනය සඳහා වැඩ කටයුතු කරන්න පටන් අරන්.ඉතින් ඇය බලය ලබා ගන්න සූදානම් වෙන ආකාරය පිළිබඳව කියල තිබ්බේ මේ වගේ කතාවක්.
" අපි කොළඹ හදනවා. කොළඹ නගරය සංවර්ධනය කරන එක ගැන සැලසුම්සහගතව අපි වැඩ කරගෙන යනවා. ටික දවසකින් අපිට ඒ ඉඩ ලැබෙනවා. අපි ඒ වැඩ දැනටමත් කරගෙන යනවා. අපේ දිගටම ස්වාධීන කණ්ඩායම් එක්ක කතා කරලා ඒ තීරණවලට ඇවිල්ල ඒ තීරණ අරගෙන ඉවරයි. ඒකයි අපි කිසි බයක් නැතුව කියන්නෙ 59 අපේ අතේ තියෙනවා. ඒකත් එක්ක 16වැනිදා ජනතාවටත් ඒක නිශ්චිත වෙනවා කියන එක. මම හිතන්නේ අපි පක්ෂයෙන් ගත්ත තීරණයක් තියෙනවා ප්‍රධාන පක්ෂ එක්ක අපේ තියෙන ගනුදෙනුව මොනවගේද එකක්ද කියන එක ඒක පක්ෂයේ ලේකම්තුමා ඇතුළු අනෙක් අය දිගටම කියාගෙන යනවා. හැබැයි ඒ පක්ෂ ඇතුලත විවිධ පාර්ශ්ව ඉන්නවා නම් මේ නගරය සංවර්ධනය කරන්න කැමති. ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළත් එක්ක වැඩ කරන්න කැමති ඒගොල්ලන්ටත් අපිත් එක්ක වැඩ කරන්න වැඩ කරගෙන යන්න පුළුවන් කියන එක අපි හිතනවා"
ඒ වගේම දැනටමත් ඔවුන්ට බලය ලැබී තිබෙන නිසා වැඩ කරන්න පටන් ගත්තා කියලත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
