ඩීල් ඇරඹෙයි... තනි මන්ත‍්‍රීලාට අධික ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන් වල බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බවට වාර්තා වනවා.
බලය පිහිටුවීමට සහාය ලබාදීමේ දී කොන්දේසි ඇතුළු කාරණා සම්බන්ධයෙන් මෙම සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වනවා.
ජාතික ජන බලවේගය ද සඳහන් කර ඇත්තේ වෙනත් පක්ෂ සමඟ බලය පිහිටුවීමට අදහසක් නැතත් ස්වාධීනව තරග කර ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් සමග එක්ක බලය පිහිටුවීමට සූදානම් බවයි.
සමගි ජන බලවේගය පවසන්නේ විපක්ෂ සෙසු කණ්ඩායම සමග බලය පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ දී කිසිඳු දේශපාලන පක්ෂයකට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වුනා.
කෙසේ නමුත් මේවන විට තනි මන්ත්‍රීවරුන් වැඩි මිලට අලෙවි වීමට නියමිත බවට කරුණු වාර්තා වෙමින් තිබෙනවා,