දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ කරපු දේ මෙන්න.(PHOTOS/UPDATE)

Sri Lanka Police Maithripala Sirisena Nimal Siripala De Silva Sri Lanka Freedom Party Dayasiri Jayasekara
By Aruna Jul 05, 2024 05:58 AM GMT
Aruna

Aruna

Report

Update 

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී මීට සුළු වෙලාවකට පෙර වැඩ බාරගෙන තිබෙනවා.

දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ කරපු දේ මෙන්න.(PHOTOS/UPDATE) | Dayasiri Jayasekara

පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර, ඔහු එම කටයුත්ත සිදුකළේ ඉන් අනතුරුව වීම ද විශේෂත්වයක්.

දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ කරපු දේ මෙන්න.(PHOTOS/UPDATE) | Dayasiri Jayasekara

....................................................................

දයාසිරිගේ ප්‍රකාශයක් නිසා ප්‍රධාන තැනකට වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂාව තර කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගෙන තිබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූ පසු බිමකයි දයාසිරි ජයසේකර මහතා මෙලෙස පැමිණ ඇත්තේ.

එම, අධිකරණ නියෝගය නිකුත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගනු ලැබීය.

ඒ, පක්ෂ ව්‍යවස්ථාව උල්ලඝනය කරමින් වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වය දරණ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට චෝදනා කරමින් බවයි පැවසෙන්නේ.

මේ අතර, කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

අද (05) උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට අදාල ඡායා රූපයන් පහතින්,


GalleryGalleryGalleryGallery