වහාම නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක්ට අලුත් සභාපති සිරිපාල තහනමක් පනවයි..

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබෙනවා.

වහාම නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක්ට අලුත් සභාපති සිරිපාල තහනමක් පනවයි.. | Dayasiri Jayasekara

ඒ අනුව ඔහු වෙත එම පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ලිපියක් යවා ඇති බව වාර්තා වේ.

එම ලිපිය මගින් එම පක්ෂයේ වත්මන් සභාපතිවරයා සඳහන් කළේ, හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ලියාපදිංචි දේශපාලන පක්ෂ තුනක් සහ සංවිධාන 18 සමග එක්ව මානුෂීය ජනතා සංධානය නමින් දේශපාලන සන්ධානයක් පිහිටුවාගෙන ඇති බවයි.

එය පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව අනුව සභාපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බවත් දින 07ක් ඇතුලත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසත් එම ලිපිය මගින් දන්වා ඇත.

ඔයත් සුදු වෙලා ලස්සන වෙන්න මෙන්න මේ ක්‍රීම් ගෑව ද?. එහෙනම් වෙන දෙය ගැන හිතා ගන්නවත් බැරි වෙයි..

ඔයත් සුදු වෙලා ලස්සන වෙන්න මෙන්න මේ ක්‍රීම් ගෑව ද?. එහෙනම් වෙන දෙය ගැන හිතා ගන්නවත් බැරි වෙයි..


කෙසේ වෙතත්, කුමන හෝ හේතුවකින් එම කාල සීමාව තුළ නිදහසට කරුණු ඉදිරිපත් නොකළොත් විනය පියවර ගැනිම සම්බන්ධයෙන් ද සලකා බලන බව අදාළ ලිපිය මගින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත දන්වා තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවක දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම පක්ෂයේ දරණු ලැබූ මහ ලේකම් ධුරය ඉවත් කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ය.