ඩයනාගේ හොර උප්පැන්න නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි

By Hashini May 28, 2025 02:39 PM GMT
Report

කොළඹ මහාධිකරණය නියෝග කලේ ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේට විරුද්ධව පැවරු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබන ජුලි 23 වැනිදා කැඳවීමටයි.

අද නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

වැඩේ හරි.... පාතාලයට සම්බන්ධ මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුවක්

වැඩේ හරි.... පාතාලයට සම්බන්ධ මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුවක්

මහාධිකරණ විනිසුරුවරයා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කල අතර මීළඟ නඩු දින පෙනි සිටින ලෙස පැමිණිල්ලේ 4 වැනි සාක්ෂිකරුට සිතාසි නිකුත් කළා.

මෙම නඩු පැවරීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව දැනගෙන විත්තිකාරියගේ නම ඩයනා ගමගේ යනුවෙන් නිත්‍යානුකුල ලෙස සංශෝධනය කර නොතිබියදී එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැවටීමේ අදහසින් අංක 4658 දරණ කූඨ උප්පැන්න ලේඛනයක් පානදුරේ දී හෝ කොළඹ දී සකස් කිරීම , ඒ සඳහා අනුබල දීම යන වරදවල් සඳහායි. 

විපක්ෂයේ අවසන් තීන්දුව මෙන්න

විපක්ෂයේ අවසන් තීන්දුව මෙන්න