ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂී ජයග්‍රහණයක්.. ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ රිදී පදක්කම දරීන් වීරසිංහ දිනාගනී..(VIDEO/PHOTOS)

Report

මැලේසියාවේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී 120kg බර පන්තිය නියෝජනය කරමින් දරීන් වීරසිංහ ආසියානු රටවල් රැසක් පරාජය කොට ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂී ජයග්‍රහණයක්.. ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ රිදී පදක්කම දරීන් වීරසිංහ දිනාගනී..(VIDEO/PHOTOS) | Dareen Weerasinghe

තරගකරුවන් 400 කට වැඩි පිරිසක් සහභාගි වූ ආසියානු සවි එසවීමේ ශූරතාවලිය 2023 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 120Kg බර පන්තියෙන් බෙන්ච් ප්‍රෙස් ස්කොට් සහ ඩෙඩ් ලිෆ්ට් ඉසව් වලින් රිදී පදක්කම දිනා ගැනුණා.

ආසියාවේ ඉරානය, චීනය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ පකිස්ථානය වැනි රටවල් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික ප්‍රමාණයක් මේ සදහා සහභාගී වී තිබීම විශේෂත්වයක්.

එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් නරඹන්න,


මේ අතර, 2019 පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද දරීන් වීරසිංහ සමත් වුණා.

GalleryGalleryGalleryGallery