ලිංගික එක්වීමේදී කොන්ඩම් නොපැළ සිටි ධනුෂ්ක තප්පර 30ක් තරුණියට කළ දේ..මහේලටත් ප්‍රබල චෝදනාවක්..

Mahela Jayawardene Sri Lanka Cricket Sri Lanka Austria Danushka Gunathilaka
By Aruna Nov 10, 2022 12:55 AM GMT
Aruna

Aruna

Report

විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවාරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය “සිය ජීවිතය පිළිබඳ බියකින්” සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබෙනවා.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී ඇත.

කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්‍රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදෙස් ගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය තර්ක කිරීමෙන් පසු ඉකුත් සඳුදා ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අධිකරණ ලේඛන වල දක්වා ඇති චෝදනා අධිකරණය තුළ කරුණු වාර්තා කිරීම සඳහා පැවති අතුරු නියෝගය ඉවත් කරමින් පොලිස් ලේඛන වාර්තා කිරීමට සිඩ්නි අධිකරණය අද අවසර දුන්නේය.

අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් කරුණුවලට අනුව ධනුෂ්ක ගුණතිලක සහ අනන්‍යතාව හෙළිදරව් නොකළ 29 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව පසුගිය ඔක්තෝබර් 29 වන දින ටින්ඩර් App ඔස්සේ දැන හඳුනගෙන ඇත.

පැමිණිලිකාරියගේ නිවසට යාමට පෙර බීමකට සහ රාත්‍රී ආහාරය සඳහා නොවැම්බර් 2 වන දින සිඩ්නිහිදී හමුවීමට දෙදෙනා එකඟ වූ බව ලේඛනවල දැක්වේ.

ධනුෂ්ක ගුණතිලක එම කාන්තාව සමඟ “බලහත්කාරයෙන්” ලිංගික සංසර්ගයේ නිරත වූ බවටත්, තුන් වතාවක් – තත්පර 30ක් දක්වා වරක් ඇගේ හුස්ම හිරකර ගෙන සිට ඇති බවටත් චෝදනා එල්ල වේ.

“පැමිණිලිකාරිය සිය ජීවිතය ගැන බියෙන් සිටි නිසා විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය” යැයි පොලිසිය අධිකරණ ලේඛනවල චෝදනා කර ඇත.

ධනුෂ්ක ගුණතිලකට උපත් පාලන කොපුවක් පළඳින ලෙස දන්වා සිටියද, ලිංගික අපයෝජනය සිදුව ඇතැයි කියන අවස්ථාවේදී කොන්ඩමයක් බිම වැටී තිබෙනු දුටු බවද එම කාන්තාව පොලිසිය වෙත පවසා තිබේ.

කොන්ඩමයක් නොමැතිව ලිංගිකව එක්වීමට හෝ හුස්ම හිරවීම සමඟ ලිංගිකව එක්වීමට තමන් එකඟ නොවූ බව කාන්තාව පැහැදිලිව දක්වා ඇතැයි ද පොලිසිය අනාවරණය කර ඇත.

පසුදින, පැමිණිලිකාරිය මිතුරන් දෙදෙනෙකුට සිදු වූ දේ පවසා, උපදේශන සේවාවකට ද කතා කර තිබේ.

පොලිසියට පැමිණිලි කිරීමට පෙර ඇය සිය වෛද්‍යවරයාද හමුවී ඇත.

පසුව ඇය රෝහලේදී ලිංගික අතවර පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ අතර හුස්ම හිරවීම නිසා හානියක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇය මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය වූ බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

අධිකරණ ලේඛනවල විස්තර කර ඇති ආකාරයට පොලිසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ධනුෂ්ක ගුණතිලක ප්‍රචණ්ඩත්වයක් දැක්වූ බව ප්‍රතික්ෂේප කළ අතර ඇයගේ කැමැත්ත අනුව ලිංගික ක්‍රියා සිදුවු බවද ප්‍රකාශ කර තිබේ.

නමුත් රහස් පරීක්ෂකයින් විසින් විමසූ විට, කැමැත්ත පිළිබඳව පැමිණිලිකාර කාන්තාව සමඟ කළ සංවාද ඔහුට සිහිපත් කළ නොහැකි වූ බවද පොලිසිය සඳහන් කළේය.

නිව් සවුත් වේල්ස් (NSW) හි නව “තහවුරු කළ කැමැත්ත” නීති යටතේ – චෝදනා කරන සිද්ධිය සිදු වූ තැන – පුද්ගලයෙකු ලිංගිකත්වය සඳහා ඔවුන්ගේ කැමැත්ත සන්නිවේදනය කිරීමට යමක් පැවසීම හෝ යම් දෙයක් කළ යුතුය.

ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ නව නීති ප්‍රතිසංස්කරණ මගින් අනුමැතියකින් තොරව කොන්ඩම් ඉවත් කිරීම – ලිංගික අතවර වරදක් බවට පත් විය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ දී සිදු වූ සිදුවීමට මහේල ජයවර්ධන වගකීම් බාරගත යුතු බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිති.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ක‍්‍රිකට් ආයතනයද මේ සඳහා වගකිව යුතු යැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

අදාල චෝදනාවේ සම්පූර්ණ වරද ධනුෂ්ක ගුණතිලකට පමණක් පැටවීසම වැරදි බවත් මෙහි කිසියම් තැනක විශාල කුමන්ත්‍රණයක් ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩා ලෝලීන්ටද ගැටලු ඇති කරන ආකාරයට කුමන්ත්‍රණයක් මෙසේ ක්‍රියාත්මක වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now