ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය සිනමා තරුවක් හදිසියේ මියයයි..

Report

දමිල සිනමාවේ අති ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ (29) චෙන්නායිහි දී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය සිනමා තරුවක් හදිසියේ මියයයි.. | Daniel Balaji Death

අභාවප්‍රාප්ත වන විට ඔහු 48 හැවිරිදි වියේ පසු විය.

දෙමළ චිත්‍රපටවල ප්‍රතිවීර චරිත රැසකට පණපොවා ඇති ඩැනියෙල් භාරතයේ මෙන්ම මෙරට සිනමාලෝලීන්ගේ හදවත් දිනාගත් අති දක්ෂ රංගන ශිල්පියෙක්.

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය සිනමා තරුවක් හදිසියේ මියයයි.. | Daniel Balaji Death

ඔහු ඊයේ පපුවේ වේදනාවක් හේතුවෙන් චෙන්නායි – කොට්ටිවාකම් හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ, අවසන් කටයුතු සඳහා ඔහුගේ දේහය පුරසයිවල්කම්හි පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් ඇති බවයි.