ධම්මික පෙරේරාට කවුරුත් නොසිතූ ඉහළම තනතුරක් ලබාදෙයි..!

Sri Lanka Politician Businessman Dhammika Perera Latest Headlines
By Sewvandhi Oct 01, 2024 08:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ.

මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ,හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා දැනුම් දී ඇත.

ධම්මික පෙරේරා මහතාගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වෙයි. මීට පෙර ද හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා මහතා, 2022 ජූනි 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඉවත් විය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීම සඳහා ය. Hayleys PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එහි පාලක කොටස් හිමියා වේ. Hayleys PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01%ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතු ය.