අගමැති වහා ඉල්ලා අස් වෙන්න - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගෙන් අග්‍රාමාත්‍යවරයාට අභියෝගයක්..
මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.
වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා වහා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික සැලැස්ම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට ද අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහට මහතාට අභියෝග කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |