ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට... ලංකාවේ ප්‍රධාන පක්ෂයකින් තරඟ බිමට..
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බවට ජාතික පුවත්පතක් අනාවරණ කර තිබේ.
සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් තරග කරන බවයි වාර්තා වන්නේ.
ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුණ අතර, ඊට පිළිතුරු ලෙසිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මන්ත්‍රීවරයා කියා සිටින්නේ, තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම ඔහුගේ බලාපොරොත්තුව වන බවයි වාර්තා වන්නේ.
ධම්මික පෙරේරා මහතා මේ වනවිට දිවයින පුරා ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ද දියත් කරමින් සිටියා.
එය දේශපාලන ව්‍යාපෘතියේ කොටස්දැයි අදාළ ජාතික පුවත් පත විසින් ප්‍රශ්න කර ඇත.
මෙරට තරුණ ප්‍රජාව දැනුමින් සන්නද්ධ කොට ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකරදීමේ අරමුණින් එය ආරම්භ කළ බවයි ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
ඒ හරහා ලංකාවේ පවුල් ලක්ෂ 55න් පවුල් ලක්ෂ 11ක දරුවන් ලක්ෂ 15ක් පමණ දැනට අධ්‍යාපනය හදාරමින් සිටියි.
හෙතෙම අවධාරණය කළේ, මෙම වැඩසටහනේම දිගුවක් වන ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් තුළින් තවත් වසර දෙකකින් මෙම සංඛ්‍යාව ලක්ෂ 16.5 දක්වා ඉහළ නංවන බවයි.
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 18ක අධිපතිවරයා වූ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත් වූ අවස්ථාවේ දී එම තනතුරුවලින් ඉවත් වූ බව ද ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)