දැන් ඉතින් දැක දැක නොදැක්ක ගානට ඉන්න ඕන නෑ. - මේ දේවල් දැක්කොත් වහාම කියන්න දුරකථන අංක 2ක්.

Sri Lanka Police World Environment Day Sri Lanka
By Wayomi Apr 18, 2024 09:17 AM GMT
Wayomi

Wayomi

Report

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

එලෙස පොලිසිය ජනතාවට දැනුම් දී ඇත්තේ, පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවිනි.

ඒ අනුව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇති බව ද පොලිසිය පෙන්වා දෙනවා.

මෙලෙස සිදුකරනු ලබන පාරිසරික හානි සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ 1997 දරණ හදිසි ඇමතුම් අංකය හා මධ්‍යම පරිසර අධිකාරියේ 1981 දරණ හදිසි ඇමතුම් අංකය මේ වනවිට හඳුන්වා දී ඇති අතර ඔබේ පවසනවා.   

........................................................................

May you Like