බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.
අද (31) ගොවීන් 6234 දෙනෙකුට වන්දි පිරිනැමීම සිදු විය.
ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර හේතුවෙන් වී වගාවට හානි සිදු වූ ගොවීන්‍ට ය.
ඒ අනුව රුපියල් මිලියනි 103 ක වන්දි මුදලක් අද බැංකුගත කිරීමට නියමිත බව සදහන් විය.
එමෙන්ම, ගොවීන් 12 දෙනෙකු සඳහා සංකේතාත්මකව රුපියල් හත්ලක්ෂ දොලොස්දහස් අටසීයක මුදලක් ලබාදීම සිදු විය.
කෙසේ වෙතත්, පළමුවරට කන්නයක් අවසන්වීමට පෙර වන්දි මුදල් ලබාදීමට කටයුතු කළ බව එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂි රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ අශෝක ප්‍රියදර්ශන මහතා කියා සිටියේ ය.
You May Like This Video👇
.