දිලිත් එකපාරම මොනවද මේ ඉල්ලන්නේ?
ඇමරිකාව විසින් පැනවූ නව තීරුබදු ප්‍රතිපත්තිය ඇතුළුව මෙරටට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවන්නැයි සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
අම්පාරේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"මේ රාජත්‍රාන්ත්‍රික සංචාරය අවසන් වුණු ඒ මෝදි අගමැතිගෙන් අපි පාඩමක් උගත යුතු නම්... ඔහු කොහොමද අපි වගේම අවුරුදු 70 ගණනක් දුක්විඳපු සිටි ඉන්දියාව අද වේගයෙන් ගොඩගන්නේ මේ ව්‍යවසායකත්ව සංකල්පය මත. ඉන්දියාවේ මධ්‍ය පංතිය අද මිලියන 300 ඉක්මවනවා. ඒක අමෙරිකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩියි. ඉතින් මම ආරාධනා කරනවා ඉතාම සෙනහසින් ජනාධිපතිවරයාට කරුණාකරලා මේ හැම පැත්තෙන්ම අපිට ආපු සියලු අභියෝගය සලකලා... එක පැත්තකින් ට්‍රම්ප් බද්ද, අනෙක් පැත්තෙන් අද අපි භූගෝලීයව අසරණවෙමින් තියෙනවා මේ ගැන සලකලා වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න. මේ සර්වපාක්ෂික සමුළුවේ අපිට අවස්ථාවක් දෙන්න මෙය නිවැරදි කිරීම සඳහා. අපිට යම් කිසි දායතක්වයක් දෙන්න අපි මේ රටට ආදරය කරන මිනිස්සු. මේ ආදරය මුසු වුණු ඉල්ලීමට ඇහුම්කං දෙන්න. එතකොට අපිට දේශපාලනය කරන්න හරි රටක් ඉතුරු වෙයි. මේ රජය යම් උදව්වක් ඉල්ලුවොත් එය ලබාදීමට අපි සූදානම්."
