ලාංකිකයන්ට සයිප්‍රසයේ රැකියා අවස්ථා රැසක් - රට ගිහින් ආපු අයට දීමනාවක් දෙන්නත් රජයෙන් සූදානම්

Report

ශ්‍රී ලංකාව සඳහා වන සයිප්‍රස් ජනරජයේ නවදිල්ලියේ නේවාසික මහ කොමසාරිස් එවාගෝරාස් ව්‍රියොනයිඩීස් (Evagoras Vryonides) මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර නිල හමුවක් ඊයේ (06/08) සවස අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේ දී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකිකයන් සඳහා සයිප්‍රස් රාජ්‍යයේ ඇති රැකියා වෙළෙඳපොළ පුළුල් කිරීම කෙරෙහි අවධානයක් යොමු වී ඇත. අන්තර්ජාතික තලයේ දී ශ්‍රී ලංකාව සයිප්‍රස් රාජ්‍යය වෙත ලබා දෙන නිරන්තර සහයෝගය පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ

සයිප්‍රස් රාජ්‍යය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා, විශේෂයෙන්ම හෙද සේවය (Nursing), සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය (Hospitality Sector), කෘෂිකාර්මික, ගොඩනැගිලි හා ඉදිකිරීම් මෙන්ම නාවික ක්ෂේත්‍රයේ සහතික ලත් සහ පුහුණු ශ්‍රමිකයන් සඳහා ඉතා රැකියා අවස්ථා රැසක් පවතින බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට උපරිම ඵල නෙළා ගත හැකි වන පරිදි, රටවල් දෙක අතර අදාළ ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළේය.

ලෝකයම සලිත කරමින් ඉරානයට සහ කියුබාවට ප්‍රබල භූ කම්පන දෙකක්

ලෝකයම සලිත කරමින් ඉරානයට සහ කියුබාවට ප්‍රබල භූ කම්පන දෙකක්

මීට පෙර සයිප්‍රස් රාජ්‍යයේ සේවය කර මෙරටට පැමිණි, වයස අවුරුදු 65 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකිකයන්ට හිමි විය යුතු "සමාජ ආරක්ෂණ දීමනාව" (Social Security Benefits) ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමු කළේය.

අගතියට පත් පිරිස් විශාල ප්‍රමාණයක් තමන් වෙත මේ බව දැනුම් දී ඇති බැවින්, ඒ පිළිබඳව නොපමාව මැදිහත් වන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස් එවාගෝරාස් ව්‍රියොනයිඩීස් මහතා ප්‍රකාශ කළේ, එම ගැටලුව ඉක්මණින් විසඳීමට මැදිහත් වන බවයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සාදරයෙන් පිළිගැනීමට සයිප්‍රස් රජය ඉතා උනන්දුවෙන් පසුවන බව පැවසූ මහ කොමසාරිස්වරයා, එරට සංචාරයක නිරත වන ලෙස අමාත්‍යවරයා වෙත ආරාධනා කර සිටියේය.