පාසල් විෂය මාලාවේ කරන්න යන අලුත්ම වෙනස.. - දූ දරුවන්ට පණිවිඩයක් මෙන්න..

Report

ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ය.

පාසල් විෂය මාලාවේ කරන්න යන අලුත්ම වෙනස.. - දූ දරුවන්ට පණිවිඩයක් මෙන්න.. | Cyber Security Is A Subject From Next Year

ඒ මහතා මේ බව කියා සිටියේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධානය කළ සය මාසික පුහුණුව අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පසුගියදා පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ය.

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් හා මාධ්‍යවේදීන් සඳහා මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබුණෙ ය.

එහිදී රාජ්‍ය ආයතන 37ක නිලධාරීන් 60ක් සහ මාධ්‍යවේදීන් 40ක් වෙනුවෙන් මෙහිදී සහතිකපත් ප්‍රදානය කර ඇති බව සඳහන් වේ.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්,

“..අපේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද අපි පියවර ගතයුතු වෙනවා. මාධ්‍යවේදීන්ට ද මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරෙනවා. එය රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා වන්නේ නැහැ. ගම් මට්ටම දක්වා මහජනතාව, දරුවන් දැනුවත් කළ යුතු වෙනවා. ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දෙන්න බලාපොරොත්තු වනවා''