සයිබර් ආරක්‍ෂණ පනත මෙම වසරේදීම.

By Hashini Oct 20, 2023 03:09 AM GMT
Report

 සයිබර් ආරක්ෂාව සඳහා වූ සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුලදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වැඩබලන තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කංකා හේරත් මහතා පවසනවා.

අදාළ සියලුම පාර්ශවවල අදහස් සහ යෝජනා සමාලෝචනයකට යටත්ව මෙම පනත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.