රේගුවට ඉතිහාසගත ආදායමක්

Report

මුදල් අමාත්‍යංශය මගින් 2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක් රැස් කිරීමට හැකිව තිබෙන බව සදහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව සදහන් කරන්නේ වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා කියා සිටියේ 2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවයි.

නමුත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ.

රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග නිසා මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකි වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සදහන් කරයි.

රබර් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක්

රබර් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක්

සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් නම් කරයි

සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් නම් කරයි