ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩවර්ජනයක් හදිසියේම තාවකාලිකව අත්හිටුවයි..

Report

ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් රේගු ත්‍යාග අරමුදලට අදාලව මුදල් අමාත්‍යාංශය විසින් ගෙන තිබූ යම් තීරණ වලට විරුද්ධව පසුගිය සිකුරාදා දින සවස සිට පවත්වාගෙන යනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට එම සන්ධානය තීරනය කර තිබෙනවා.

ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩවර්ජනයක් හදිසියේම තාවකාලිකව අත්හිටුවයි.. | Customs Career Action Is Over

අද (19) දින සවස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවැත්වූ සාකච්ඡාවල දී ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර ලැබීමේ ප්‍රථිපලයක් ලෙස එම තීරණය ගෙන තිබෙනවා.