මහජන රැස්වීම් සියල්ල තහනම්..රට පුරා ඇඳිරි නීතිය පනවයි..
සරසවි සිසුන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් බංගලාදේශයේ මියගිය සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බංගලාදේශය පුරා පැතිර ගිය දින කිහිපයක මාරාන්තික නොසන්සුන්තාව මැඩපැවැත්වීමට පොලිසිය අපොහොසත් වීම නිසා එරටට ඇඳිරි නීතිය පනවා ඇති අතර, හමුදාව යෙදවීමට ද නියමිත බවයි.
විරෝධතා ආරම්භ වූ පසු පළමු වතාවට වැඩි ප්රචණ්ඩත්වය වැලැක්වීමේ උත්සාහයක් ලෙස ඩකා අගනුව ර පොලිසිය සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට දැඩි පියවරක් ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
“මහජන ආරක්ෂාව” සහතික කිරීම සඳහා මෙම පියවර අවශ්‍ය බවයි එම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර, මධ්‍යම බංග්ලාදේශයේ නර්සින්ඩි දිස්ත්‍රික්කයේ බන්ධනාගාරයකට කඩා වැදුණු ශිෂ්‍ය විරෝධතාකරුවෝ එම ස්ථානයට ගිනි තැබීමට පෙර එහි රැඳවියන් නිදහස් කර තිබෙන බව වාර්තා වේ.
රැඳවියන් සංඛ්‍යාව කොපමණ දැයි නොදනින නමුත් එය සිය ගණනක් වනු ඇති බවයි, එරට පොලිසිය සඳහන් කරන්නේ.