මහරගම අපේක්ෂා රෝහලේ CT Simulator යන්ත්‍රයේ දෝෂයක් - පිළිකා රෝගීන් 1,500ක් පොරොත්තු ලේඛනයේ

By Kanchana Oct 09, 2026 04:05 AM GMT
Report

මහරගම අපේක්ෂා රෝහලේ CT Simulator යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කර තිබේ .

මේ හේතුවෙන් රෝගීන් 1,500කට ආසන්න පිරිසකට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇති බවය එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කර තිබේ . රෝහලේ පැරණි සීටී සිමියුලේටර් යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපනය කර පසුගිය මාසයේදී ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට භාරදී ඇත.

  චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ කෙසේ වෙතත්, නව යන්ත්‍රයේ මෘදුකාංග විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කරන මෘදුකාංගය සමඟ නොගැළපීම හේතුවෙන් මතුව ඇති තාක්ෂණික දෝෂය නිසා එය භාවිත කිරීමට නොහැකි වී ඇති බවයි.

ඔහු පෙන්වා දුන්නේ මෙවැනි විකිරණ ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා එක් රෝගියෙකුට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැය කිරීමට සිදුවන බවයි .

"CT Simulator යන්ත්‍රය අප්‍රේල් මාසයේ අවසන් සතියෙන් පසු එහි තිබූ පැරණි යන්ත්‍රය ඉවත් කර නව යන්ත්‍රය ස්ථාපනය කිරීම සිදු කළා. නමුත් එම යන්ත්‍රය මේ වන තෙක් එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසාවෙන් රෝගීන්ගේ Linear Accelerator විකිරණ ප්‍රතිකාරය ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කරා මාස කිහිපයක් තිස්සේ, නමුත් මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් තවමත් ලැබිලා නැහැ. රෝගීන් 1500ක ප්‍රමාණයක ඉදිරියේදී ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට අපිට දීර්ඝ කාලයක් ගත වෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් පිළියමක් යෙදීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වීම ඉතාමත් බරපතළ තත්ත්වයක්, මොකද සමහර විට රෝගීන් සැත්කමකින් පසුව, එහෙමත් නැත්නම් Chemotherapy ප්‍රතිකාරයකින් අනතුරුව විකිරණ ප්‍රතිකාරයට යොමු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් පිළිකාවක් විනාශ කිරීම, එහෙමත් නැත්නම් පිළිකා සෛල විනාශ කිරීම සඳහා මෙම සියලු පියවරයන් අදාළ කාලය තුළ සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා."

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම