අදත් කොළඹ කොටස් පහළ වැටෙයි - දෛනික පිරිවැටුම මෙන්න
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) දිනය අවසානයේ පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 10.95 කින් පහළ ගොස් ඇත.
එසේම දිනය නිමා වන විට දර්ශකය ඒකක 21,405.62 ක් වශයෙන් සටහන් විය.
එමෙන්ම වෙළඳපොළ වාර්තාවලට අනුව අද දින වාර්තා වූ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙස සඳහන්.