ඔලුවට තැබූ තුවක්කුවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනු නවයෙන් දිවි ගලවාගත් උප ජනාධිපතිනිය - සියල්ලන් බියවැද්දූ වීඩියෝව මෙන්න (VIDEO)

By Sewvandhi Sep 02, 2022 08:01 AM GMT
Report

ආජන්ටිනාවේ උප ජනාධිපතිනිය cristina kirchner ඝාතනය කිරීමේ උත්සාහයක් ව්‍යර්ථ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දූෂණ චෝදනාවක නඩු වාරයක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි උප ජනාධිපතිනියගේ ආධාරකරුවන්ට අතරින් ඉදිරියට පැමිණි තැනැත්තෙක් ඇගේ මුහුණටම ගිනි අවියක් එල්ල කර ඇත. එහිදී ගිනි අවියේ හටගත් දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ ගත් පුද්ගලයා 35 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම ක්‍රියාවට මුල් වූ හේතුව අනාවරණය කර ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. දූෂණ චෝදනාවක නඩු වාරයක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි උප ජනාධිපතිනියට මෙම නොසිතූ අවස්ථාවට මුහුණදීමට සිදුව තිබේ.

cristina kirchner 2007 -2015 කාලසීමාවේදී ආජන්ටිනාවේ ජනාධිපතිනිය ලෙස කටයුතු කළේය. ඒ සමයේදී එරට පැටගෝනියා කලාපයේ සිදුකළ කොන්ත්‍රාත් කටයුත්තක දී වංචාවක් සිදුකළ බවට පවසමින් ඇයට චෝදනා එල්ල වී තිබේ. ඇය මෙම චෝදනා සම්බන්ධයෙන් යම් හෙයකින් වරදකරු වුවහොත් 69 හැවිරිදි උප ජනාධිපතිනියට වසර 12ක සිර දඬුවම් හිමිවනු ඇති. කෙසේ වෙතත් මෙම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදීත් ඇයට සහාය පළකරමින් ආධාරකරුවන් ඇගේ නිවස ඉදිරිපිටට රැස්ව සිට ඇත.

එම අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහළින්.(වීඩියෝ - විදෙස් මාධ්‍ය)



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW