අමිහිරි පරාජය ගැන සිය අවසන් තරගයට සහභාගි වූ ‍රොනාල්ඩෝ තැබූ සටහන..

Report

පෘතුගාලයට ලෝක කුසලානයක් දිනා ගැනීම තමාගේ වෘත්තියේ විශාලතම සිහිනය වූ බව සිය අවසන් පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. 

 මොරොක්කෝව හමුවේ පෘතුගාලය ගෝල 1-0ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු ඔහු මේ පිළිබඳව තම ෆේස් බුක් ගිණුම තුල සටහනක් තබා තිබුනා.

එම සටහන පහතින්,

“පෘතුගාලයට ලෝක කුසලානයක් දිනා ගැනීම මගේ වෘත්තියේ විශාලතම හා වඩාත්ම අභිලාෂකාමී සිහිනය විය. වාසනාවකට මෙන් මම පෘතුගාලය ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් දිනා ගත් නමුත් අපේ රටේ නම ලෝකයේ ඉහළින්ම තැබීම මගේ ලොකුම සිහිනය විය. මම ඒ වෙනුවෙන් සටන් කළා. මේ සිහිනය වෙනුවෙන් මම දැඩි ලෙස සටන් කළා." ඔහු තැබූ සම්පුර්ණ සටහන පහතින්.