වෙඩි තැබීමකින් 7ක් ජිවිතක්ෂයට..

By krishani Jan 24, 2023 04:59 AM GMT
Report

උතුරු කැලිෆෝනියාවේ හාෆ් මූන් බේ ප්‍රදේශයේ බිම්මල් ගොවිපලවල් දෙකකට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ (23) පස්වරු 2:20ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීම රයිස් ට්‍රක්කින් පාංශු ගොවිපලට ආසන්නව කොන්කෝඩ් ෆාම්ස් අසල සැන් මැටියෝ මාවතේ සිදුවූ පළමු වෙඩි තැබීමෙන් හතර දෙනෙකු වෙඩි වැදී මිය ගියේ ය.

එම ස්ථානයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පස්වන පුද්ගලයා බරපතල තුවාල ලබා ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් දෙවන වෙඩි තැබීම, Cabrillo Highway South ප්‍රදේශයේ දී සිදු වූ අතර ඉන් තිදෙනෙකු මිය මිය ගොස් ඇත. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join