සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ගේ 𝐊𝐈𝐋𝐋𝐄𝐑 එළියට. - (VIDEO)

By Wayomi Jan 21, 2025 08:35 AM GMT
Report

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් '𝐊𝐈𝐋𝐋𝐄𝐑' නමින් පොතක් ඊයේ (20) පස්වරුවේ කොළඹදී එළි දක්වා තිබෙනවා.

එම පොතේ පන්දු යැවීම සම්බන්ධව කරුණු 21ක් ඇතුළත්ව ඇත.

පොත එළිදැක්වීමේ අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්වන සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිටියා.

රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

එමෙන්ම ලසිත් මාලිංග විසින් රචිත කෘතිය සිය පියා අතින් පළමුව පිළිගැන්වූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ටයි.

- ශම්මි සිල්වා -

"අද මම මෙතනට ඇවිල්ල මෙහෙම කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාසකරනවා... මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කෙනෙක්. මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඒ වගේම මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපි වෙනදා යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් අත්සන කියන එක ඔටෝග්‍රාෆ් එකක් බවට පත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා."

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.


You may like this video