චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් බංගලාදේශය සහ පකිස්ථානය ඉවතට

Report

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයෙන්ම සත්කාරක පාකිස්තාන කණ්ඩායමට සහ බංගලාදේශ කණ්ඩාමට ඉවත් වීමට සිදුව තිබේ.

ඒ ඊයේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයේ කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව වීමත් සමඟය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් රචින් රවීන්ද්‍රා ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුණි. මේ සමඟ පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව තිබීයදීත් චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

මේ වනවිට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර, ඒ කාණ්ඩයේ දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම රැඳී සිටී. 

චැම්පියන්ස් කුසලානය-ඔස්ට්‍රේලියා එංගලන්ත තරඟයට පෙර ඉන්දීය ජාතික ගීය වාදනය වීමෙන් මතභේද රැසක්

චැම්පියන්ස් කුසලානය-ඔස්ට්‍රේලියා එංගලන්ත තරඟයට පෙර ඉන්දීය ජාතික ගීය වාදනය වීමෙන් මතභේද රැසක්

තර්ස්ටන් - ඉසිපතන 62වැනි සහෝදර සටනෙන්: තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්

තර්ස්ටන් - ඉසිපතන 62වැනි සහෝදර සටනෙන්: තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්