ඔලිම්පික් ක්‍රීඩා උළෙලටත් ක්‍රිකට්.
By Hashini
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔලිම්පික් තරඟ සඳහා නව තරඟ හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මෙම වෙනස්කම් සිදු කර තිබෙනවා.
අද(16) රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට මෙම නිල අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව මුල් වරට 2028 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම සිදු වනවා.
එම තීරණයත් සමඟින් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.