මෙරට ක්‍රෙඩිට් කාඩ් භාවිතය ගැන නවතම හෙළිදරව්වක්..

Report

මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු සක්‍රීය ක්‍රෙඩිඩ් කාඩ්පත් ගණන 1,952,991 කි.

එය 2023 ජනවාරි මාසයේ දී කාඩ්පත් 1,942,272 ක් දක්වා ත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් තිබුණු අතර 2023 මාර්තු මස අවසන් වන විට එම ප්‍රමාණය කාඩ්පත් 1,939,541 ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇත.

2023 මාර්තු අවසාන වන විට මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වූ නොපිය වූ ශේෂය රුපියල් මිලියන 140,509 ක් ලෙස වාර්තා වී තිබේ.

මෙය 2022 වසර අවසානයේ දී රුපියල් මිලියන 143,098 ක් ලෙසින් සටහන්ව තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery