ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය අඩු කරයි..නව පොලී අනුපාතය මෙන්න..

Report

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36% ක් ලෙස පැවති වාර්ෂික පොලී අනුපාතිකය 34% ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සංශෝධනය, 2023 ජූලි 01 දින සිට බලපැවැත්වෙන බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි.