ඉන්ධන පරිහරණය ගැන ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින ගෝලීය යුද වාතාවරණය හමුවේ රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, යුද්ධය සමනය වනතුරු ඉන්ධන අරපිරිමැස්මෙන් හා ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසයි.

ඔහු පවසන්නේ මෙය රජයට ඇති ආදරය නිසා නොව, වැයවන ඩොලර් ප්‍රමාණය ඉහළ ගොස් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වීම වැළැක්වීම සඳහාත්, අනාගත පරපුර වෙනුවෙන් ඉටුකළ යුතු වගකීමක් ලෙසත් සලකා සිදුකරන ලෙසයි.

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන කළමනාකරණය සඳහා හඳුන්වා දී ඇති QR කේත ක්‍රමය මෙතැන් සිට ඉතා තදින් ක්‍රියාත්මක කරන බවත්, QR කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් හිමියන් සඳහා ලබාදෙන දිරි දීමනා කපා හැරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම පියවර මේ සතියේ සිටම ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීම, ආර්ථිකයට ඉන් සිදුවන බලපෑම අවම කිරීම සහ ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන ආයතනයක් නොවීම අනිවාර්ය කොන්දේසි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

රජය විසින් ලබාදෙන ඉන්ධන සහනාධාර යනු ජනතාවගේම බදු මුදල් බවත්, ඒවා තමන්ගේම මුදල් යන හැඟීමෙන් යුතුව අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමේ වගකීම ජනතාව සතු බවත් ඔහු පැවසීය.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

පෞද්ගලික ඉන්ධන සමාගම් පාඩු ලබන අවස්ථාවන්හිදී ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් පසුගිය දිනවල පෝලිම් නිර්මාණය වූ බව සභාපතිවරයා හෙළි කළේය,. මේ හේතුවෙන් මීට පෙර 54%ක්ව පැවති සංස්ථාවේ වෙළඳපල කොටස මේ වන විට 80% දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

පෞද්ගලික සමාගම් තරඟකාරීත්වයක් ඇති කර මිල අඩු කරනු ඇතැයි පැවති විශ්වාසය අසත්‍ය බව ඔප්පු වී ඇති බවත්, සංස්ථාවේ මැදිහත් වීම නොතිබුණේ නම් අද වන විට ඩීසල් ලීටරයක මිල රුපියල් 750ක් දක්වා ඉහළ යා හැකිව තිබූ බවත් ජනක රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය