එන්නතක ප්‍රතිදේහ මාස 6ට පසු මැකී යන බව හෙළි වේ..ඔබත් ගත්තේ මේ එන්නතද..?

covid19 china vaccination immunization sinovac
By Sewvandhi Jul 27, 2021 10:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා එන්නත මගින් කොරෝනා වෛරසයට එරෙහිව ගොඩනගන ප්‍රතිශක්තිය මාස 6 කින් පමණ දුර්වල වන බව පර්යේෂණාගාර අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

චීන පර්යේෂකයන් මේ සඳහා අවුරුදු 18 ත් 59 ත් අතර, වයස් කාණ්ඩයේ පිරිසක් යොදා ගෙන ඇති අතර, දෙවන මාත්‍රාව ලබාදී මාස 6 කින් ඔවුන් අතුරෙන් ප්‍රතිදේහ ඉතිරිව ඇත්තේ සියය 35 කට අඩු ප්‍රතිශතයකින්.

කෙසේ නමුත් ඔවුන්ට ප්‍රවර්ධක මාත්‍රාවක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය යළි ගොඩනැංවිය හැකි බව චීන පර්යේෂකයන් අනාවරණ කරගෙන තිබෙනවා.

තායිලන්තය සහ ඉන්දුනීසියාව එලෙස සිනොවැක් එන්නත ලබාදුන් පුද්ගලයින්ට 3 වන මාත්‍රාවක් ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

තුර්කිය එලෙස සිනොවැක් එන්නත් ලබාදුන් පුද්ගලයින්ට ෆයිසර් එන්නත 3 වන මාත්‍රාවක් ලෙස ලබාදීමට දැනටමත් ආරම්භ කර ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now