දරුවන් දෙදෙනෙකුට කොරෝනා..කොවිඩ් ආසාදිතයෙක් මියයයි..සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්.
මේ දිනවල රට පුරා ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය බහුල ලෙස වාර්තා වන බව වෛද්‍යවරුන් විසින් දැනුම්දී තිබෙනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා එවැනි දරුවන් මුව ආවරණ පැළදීම යෝග්‍ය බවයි.
මේ අතර කොරෝනා ආසාදනය වූ දරුවන් දෙදෙනෙකු ද වාර්තා වී ඇති බවයි දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ.
තවද අසනීප තත්ත්වයක් මත ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන ලද රෝගියකු හදිසියේ මිය යාම හේතුවෙන් සිදු කළ පරීක්ෂණයේදී එම මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බව අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.
ගම්පහ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී.පී.ආර්.පී. රාජපක්ෂ මහතා පැවසුවේ, දේහය පිළිබඳ පරීක්ෂණයේදී කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් මිය ගිය බවට, රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව මගින් තහවුරු කොට ඇති බවයි.
මියගිය තැනැත්තියගේ දේහය, ගම්පහ මහ නගර සභාව යටතේ පාලනය වන කසගහවත්ත ආදාහනාගාරයේදී ආරක්ෂක විධිවිධාන සහිතව ආදාහනය කිරීමට පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර මහනුවර මහ රෝහලෙන් ද කොරෝනා මරණයක් වාර්තා වී තිබුණා.
කෙසේ වෙතත් මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීම හේතුවෙන් ඊට අදාළ ආරක්‍ෂිත වැඩපිළිවෙළ යොදා තිබෙන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
