රඳවා ගෙන සිටින ගම්පහ ඔස්මන්ගේ පුතාගෙන් පෙත්සමක් - හේතුව මෙන්න

Report

ව්‍යපාරිකයෙකු වන ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

අඳාළ පෙත්සමෙන් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඇත.

ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට සැප්තැම්බර් මස 03 වන දින අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් දන්වා නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාල පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබෙනවා.

සෞදි අරාබි‍යෙත් මහ විනාසයක් - වසර හතරක සටන් විරාමයකට ගිනි තියමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළකට හූති ප්‍රහාර

සෞදි අරාබි‍යෙත් මහ විනාසයක් - වසර හතරක සටන් විරාමයකට ගිනි තියමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළකට හූති ප්‍රහාර

එමෙන්ම ගම්පහ, ඉබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ෂෙහාන් ගුණසේකර මහතා විසින් ගොනුකොට තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනුකොට තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු සඳහන් කරන්නේ තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු බවත් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ පියා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කෙරෙන බවත් ය.

එමෙන්ම ඉකුත් මැයි 13වනදා දින තම පියාගේ නිවස සෝදිසි කොට ගිනිඅවි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවිවලට නීතියානුකූල බලපත්‍ර තිබූ බව පෙන්වා දුන් පෙත්සම්කරු එහෙත් නීතිවිරෝධිව අවි තබාගත් බවට මාධ්‍ය මගින් වැරදි ප්‍රචාරයක් ගෙන ගිය බවත් පවසයි.

එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන මෙන් තමන්ට ද දැනුම් දීමක් සිදු කර ඇති බව සඳහන් කළ පෙත්සම්කරු තමා අවස්ථා කිහිපයකදීම එම කොට්ඨාශයට ගොස් ප්‍රකාශ ලබාදුන් බවත් ප්‍රකාශ කළා.

ලංකාවම සලිත කරමින් ආපු අලුත්ම වාර්තාව - ගම්පහ, කොළඹ තත්ත්වය උග්‍ර අතට - මරණ 48 ක් සහ රෝගීන් 70,000ට ළංවෙයි

ලංකාවම සලිත කරමින් ආපු අලුත්ම වාර්තාව - ගම්පහ, කොළඹ තත්ත්වය උග්‍ර අතට - මරණ 48 ක් සහ රෝගීන් 70,000ට ළංවෙයි

එම අවස්ථාවේදී කෙහෙල්බද්දර පද්මේ තායිලන්තයේ සිටියදී ඔහු හා සම්බන්ධතා පවත්වා තිබේදැයි ප්‍රශ්න කළ බවත් තර්ජනාත්ම ස්වරූපයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

එබැවින් මෙම තත්ත්වය මත තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

එහිදී පෙත්සම්කරු සඳහා නීතීඥ අමිල කුමාර මහතාගේ උපදෙස් මත නීතිඥ රුක්ෂාන් සේනාධිර මහතා සමඟ ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු මෙනවිය පෙනී සිටියා.

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්