අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - බලධාරීන්ට නොතීසි නිකුත් කෙරේ
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට ලබන 8 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස අද (19) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නොතිසි නිකුත් කළේය.
සිද්ධියට අදාලව 28 වන සාක්ෂිකරුවන කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂක කුමුදු සෙනෙවිරත්න සහ 31 වන සාක්ෂිකරුවන කොළඹ දිසා අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂක මහේෂ් මධුසංඛ අද අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවේය.
සිද්ධියට අදාල සාක්ෂි ලබාදීම අදින් අවසන් බැවින් මරණ පරීක්ෂණයට අදාල නියෝගය ලබා දීමට අවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්‍ෂකවරයාට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් නොතිසි නිකුත් කළේය. සිද්ධියට අදාළව නඩුව ලබන 8 වන දින නැවත කැඳවීමට නියමිතයි.