ස්ටාලින්ගේ කොලතූර් ඡන්ද ගණන් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂ නායක එම්.කේ. ස්ටාලින් මහතාට පසුබෑමකට මුහුණදීමට සිදුව තිබේ. ඒ, 2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඔහු පරාජයට පත්වූ කොලතූර් (Kolathur) මැතිවරණ කොට්ඨාසයේ VVPAT ඡන්ද පත්‍රිකා සියයට 100ක් ගණන් කරන ලෙස කළ ඉල්ලීම මදුරාසි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.
කොලතූර් මැතිවරණ කොට්ඨාසයේදී TVK පක්ෂයේ VS Babu මහතා ඡන්ද 8,795කින් ස්ටාලින් මහතා පරාජය කර තිබේ. බාබු ඡන්ද 82,997ක් ලබාගත් අතර ස්ටාලින්ට හිමිව ඇත්තේ ඡන්ද 74,202කි. 2011 වසරේ කොලතූර් මැතිවරණ කොට්ඨාසය පිහිටුවීමෙන් පසු පැවති මැතිවරණ තුනේදීම එම ආසනය ජයගැනීමට ස්ටාලින් සමත්ව තිබූ නමුත්, මෙවර මැතිවරණයේදී ඔහු දෙවැනි ස්ථානයට පත්වීම විශේෂත්වයකි.
ස්ටාලින් මහතා විසින් සිය ඉල්ලීම මඟින් VVPAT පත්‍රිකා සම්පූර්ණයෙන් ගණනය කරන ලෙස ඉල්ලා ඇති අතර, VS Babu මහතාගේ මැතිවරණ ජයග්‍රහණය අවලංගු කර තමන් කොලතූර් ආසනයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසද ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, ස්ටාලින් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම පවත්වාගෙන යාමේ හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය මැතිවරණ කොමිසම විරෝධය පළ කර ඇත.
මැතිවරණ ප්‍රතිඵලයක් අභියෝගයට ලක් කළ හැක්කේ Representation of the People Act යටතේ ඉදිරිපත් කරන මැතිවරණ පෙත්සමක් මඟින් පමණක් බව මැතිවරණ කොමිසම පෙන්වා දී තිබේ.
''නිවස ඉදිරිපිටදීම අකුණු සැර වැදී බිම ඇද වැටෙයි'' - ඇමෙරිකානු ජාතිකයාට සිදුවූ බිහිසුණු අනතුර කැමරාවේ
එමෙන්ම, නියමිත කාලසීමාව තුළ ස්ටාලින් මහතා එම නීතිමය ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතුව තිබූ බවද කොමිසම සඳහන් කර ඇත. මෙම නීතිමය ගැටලුවට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී ඇත්තේ මැතිවරණයෙන් පසු EVM යන්ත්‍ර සම්බන්ධයෙන් සිදුකරන සත්‍යාපන ක්‍රියාවලියයි.
මැයි 4 වැනිදා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, මැයි 7 වැනිදා ස්ටාලින් මහතා EVM කට්ටල 14ක් සත්‍යාපනය කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. එය එම මැතිවරණ කොට්ඨාසයේ භාවිත කළ EVM කට්ටල 286න් සියයට 5කට සමාන වේ.
කෙසේ වෙතත්, එම සත්‍යාපන කටයුතු ආරම්භ කර ඇත්තේ ජූලි 29 වැනිදා වන අතර, එය අගෝස්තු 5 වැනිදා අවසන් කර තිබේ. මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව නියමිත කාලසීමාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට ඇති හැකියාවට බලපෑම් එල්ල වූ බව ස්ටාලින් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.