අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයට අධිකරණයෙන් නියෝග.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වාත්, එතැන සිට බාලදක්ෂ මාවත දක්වාත් විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් මතයි.
එම නියෝගය නිකුත් කර ඇත්තේ සමාජ මාධ්‍ය හා ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව විරෝධතාවය සංවිධානය කර ඇති අතර, මදුෂාන් චන්ද්‍රජිත්, ගල්වැව සිරිදම්ම හිමි, දුමින්ද නාගමුව, ජොශප් ස්ටාලින්, ධම්මික මුනසිංහ, තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු විරෝධතාකරුවන් 9දෙනෙකුට එරෙහිවයි.