අභිරහස් මරණයක් ගැන අධිකරණයෙන් නියෝගයක්

By Hashini Apr 20, 2025 01:05 PM GMT
Report

සැක කටයුතු ලෙස මියගොස් ඇති බව කියන 12 හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස මහව වැඩබලන මහේස්ත්‍රාත්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබෙනවා.

මෙලෙස නියෝග කර ඇත්තේ පොල්පිතිගම පොලිසිය බි වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

පොල්පිතිගම - ගලහිටියාය නිකවැව ලිපිනයේ පදිංචිව සිටි 12 හැවිරිදි තම දියණිය හදිසියේ මියගොස් ඇති බව පවසමින් එම දැරියගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි පොල්පිතිගම පොලිසිය පැවසුවේ.

මහව වැඩබලන මහේස්ත්‍රාත් උදය රාජපක්ෂ එහිදී නියෝග කලේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

හෙටත් උණුසුම අධිකයි

හෙටත් උණුසුම අධිකයි