තිලංග සුමතිපාලට අතුරු තහනම් නියෝගයක්..!

Report

ඊයේ (24) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.  

අදාළ අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 06 වනදා බලපැවැත්වෙන බවත් සඳහන් කළේය